Account

Posts of 𝐒𝐜𝐢𝐞𝐧𝐜𝐞 𝐅𝐚𝐜𝐭𝐬🧬🔬

newest first

#7687Text
Views1,680−55%vs avg
Forwards—
Reactions334
Comments—
#7686Photo

පියවි ඇසින් දැකගත හැකි 'බීවර් මූන්' සුපිරි සඳ අද රාත්‍රියේ. නොවැම්බර් මාසයේ පොහොය සද සුපිරි සඳක් (Supermoon) ලෙස දැකගැනීමේ අවස්ථාව මේ සතියේ ලෝකවාසීන්ට හිමිවනවා. මෙම සුපිරි සඳ අද (24) ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 8.24ට උපරිම පූර්ණත්වයට පත්වන බවයි EarthSky වෙබ් අඩවිය සඳහන් කරන්නේ. මෙම වසරේ කුඩාම පූර්ණ චන්ද්‍රයාට සාපේක්ෂව එය සියයට 17කින් විශාලව සහ සියයට 30කින් දීප්තිමත්ව දිස්වන බව නාසා ආයතනය පවසනවා. 'බීවර් මූන්' (Beaver Moon) ලෙස හඳුන්වන මෙම පූර්ණ චන්ද්‍රයා අඛණ්ඩව දිස්වන සුපිරි සඳ තුනක පළමුවැන්න වීම ද විශේෂත්වයක්. චන්ද්‍රයා සිය කක්ෂයේ පෘථිවියට ආසන්නව ගමන් කරන අවස්ථාවක පූර්ණ චන්ද්‍රයා දිස්වීම මෙලෙස සුපිරි සඳක් ලෙස හඳුන්වනු ලබනවා. මේ අතර, මෙම වසරේ විශාලතම සහ දීප්තිමත්ම සුපිරි සඳ දෙසැම්බර් 23 වැනිදා දැකගත හැකි බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬

Open in Telegram
Views2,090−44%vs avg
Forwards—
Reactions84
Comments—
#7685Photo

2035 දී ලෝකය නානාවරුන්ට... 2035 වන විට මුස්ලිම්වරුන් ලෝකයේ විශාලතම ආගමික කණ්ඩායම වන බව ඇමරිකානු පිව් පර්යේෂණ මධ්‍යස්ථානයේ නව පුරෝකථනවලට අනුව හෙළිදරව් වී තිබේ. ඒවන විට මුස්ලිම්වරුන්ගේ සංඛ්‍යාව ක්‍රිස්තියානි භක්තිකයන්ගේ සංඛ්‍යාව අභිබවා යනු ඇතැයි අපේක්ෂා කෙරේ. වර්තමානයේ ලොව විශාලතම ආගමික කණ්ඩායම වන්නේ ක්‍රිස්තියානිවරුය. මේ අතර 2020 වසරේ මිලියන 324ක්ව පැවති බෞද්ධ ජනගහනය 2070 වන විට මිලියන 250ක් දක්වා පහත වැටෙනු ඇත. එනම් මේ වන විට 4.1% ව පවතින බෞද්ධයන්ගේ ප්‍රතිශතය 2.5%ක් වනු ඇත. බෞද්ධ ජනගහන අඩුවීම ප්‍රධාන වශයෙන්ම සිදුවනු ඇතැයි අපේක්ෂා කෙරෙන්නේ ආසියා-පැසිෆික් කලාපය තුළය. මන්ද 2020 වසරේදී ලොව සිටි සමස්ත බෞද්ධයන්ගෙන් 98%ක්ම ජීවත් වූයේ මෙම කලාපයේය. මෙම කලාපයේ බෞද්ධ ජනගහනය මිලියන 76කින් අඩු වනු ඇතැයි පුරෝකථනය කර ඇත. 𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬

Open in Telegram
Views2,880−22%vs avg
Forwards—
Reactions150
Comments—
#7684Photo

ආලෝක දින 1 ක් සම්පූර්ණ කළ Voyager 1 🛰 මානව ඉතිහාසයේ අභ්‍යවකාශ යානයක් ගිය වැඩිම දුරට හිමි වාර්තාව තියෙන්නේ මීට අවුරුදු 50 කට පමණ කලින් යවපු Voyager 1 යානයයි. එය අද විශේෂ සන්ධිස්ථානයකට ළඟා උනා. ඒ තමයි යානය ගමන් කර ඇති දුර "ආලෝක දින 1 ක්" සම්පූර්ණ කිරීම. සංඛ්‍යාත්මකව විශාල දුරවල් මනින්න අපි පාවිච්චි කරන ඒකකයක් තමයි "ආලෝක වර්ෂයක්" කියන්නේ. ආලෝකය තත්පරයකදී ආසන්න වශයෙන් කිලෝමීටර් 300,000 ක් ගමන් කරනවා. ඒ අනුව ආලෝක වර්ෂයක් වෙන්නේ, ආසන්න වශයෙන් කිලෝමීටර් ට්‍රිලියන 9.46 ක්. ආලෝක දින 1 ක් කියන්නේ ආසන්න වශයෙන් කිලෝමීටර් බිලියන 26 ක්. 1977 දී කක්ෂ ගතවුණ Voyager 1 යානය මේ වන විට පැයට කිලෝමීටර් 61,000 ක වේගයෙන් ගමන් කරනවා. මෙම යානයේ ඇතුලත් වෙලා හරි අපූරු දෙයක් තමයි "Golden Record Plate" එක. අඟල් 12 ක විෂ්කම්භයක රන් ආලේපිත තැටියක් වන මෙහි, භාෂා 55 කින් (සිංහල ද ඇතුලත්) ඇති ආමන්ත්‍රණයන්, ලෝක ප්‍රසිද්ධ ගීත සහ සංගීත ඛණ්ඩ, ස්වභාවික ශබ්ද, සතුන්ගේ සහ මිනිසුන්ගේ ශබ්ද, ගණිත සහ විද්‍යා සමීකරණ සහ සූත්‍ර, ගෘහ නිර්මාණ ශිල්පය, ජීව විද්‍යාව, සතුන් සහ මිනිසුන් ඇති ඡායාරූප, Brainwaves & Heartbeat අන්තර්ගත වෙනවා. 𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬

Open in Telegram
Views3,470−6%vs avg
Forwards—
Reactions151
Comments—
#7683Photo

රුසියාවේ පිළිකා එන්නත සාර්ථකයි. එන්නත ලබාගත් පළමු රෝගියාට යහපත් ප්‍රතිඵල ❤️ ‘Neooncovac’ නම් පුද්ගලාරෝපිත mRNA පිළිකා එන්නත ලබාගත් පළමු රෝගියා තම මෙලනෝමා පිළිකා ප්‍රතිකාරය සාර්ථකව අවසන් කර ඇති බව රුසියාවේ Gamaleya පර්යේෂණ මධ්‍යස්ථානය නියෝජනය කරන මහාචාර්ය ඇලෙක්සැන්ඩර් ගින්ට්ස්බර්ග් පවසනවා. මාස 04ක නිරීක්ෂණයකින් පසුව, එම රෝගියාගේ සෞඛ්‍ය තත්ත්වය ස්ථාවරව පවතින අතර, CT ස්කෑන් පරීක්ෂණ මගින් නව පිළිකා වර්ධනයන් හෝ පිළිකාව වෙනත් ස්ථානවලට පැතිරීමක් සිදුවී නොමැති බව තහවුරු වී ඇති බවයි මහාචාර්යවරයා සඳහන් කළේ. මෙම රෝගියා ඉදිරි වසර 03ක කාලය තුළ අඛණ්ඩව වෛද්‍ය නිරීක්ෂණයට ලක් කිරීමට නියමිතයි. 𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬

Open in Telegram
Views4,230+14%vs avg
Forwards—
Reactions283
Comments—
#7682Link preview

​පිඟන් හෝදපු කොල්ලෙක් $5 TRILLION Empire එකක් හදලා, අන්තිමට දවස් කීපයකින් ඔක්කොම නැති කරගත්ත කතාව... 💔 මේ ඉන්නේ Jensen Huang. NVIDIA එකේ Founder. 1963 Taiwan වල ඉපදිලා අවුරුදු 9 දි USA ගියා. මුල් රැකියා විදිහට Toilet පිරිසිදු කරලා පිඟන් හෝදලා අමාරුවෙන් දුක් විඳලා ජිවිතේ පටන් ගත්තේ. College එකේදී මෙයාට හම්බුන Lori තමයි පස්සේ මෙයාගෙ wife උනෙත්. කෝමහරි 1993 දී NVIDIA සමාගම පටන් අරගෙන අවුරුදු 33ක් තිස්සේ හෙමින් හෙමින් දියුණු කරලා USD 5+ Trillion කරන ලෝකේ අංක එකේ සමාගම බවට පත් කරා. වෙළඳපොළ ප්‍රාග්ධනීකරණය අතින් Apple හා Nvidia කරට කර සටනේ හිටියේ. ඒ වගේම මුළු AI revolution එකේම පදනම උනේ මෙයාලා හදපු GPU. Jensen අවුරුදු 40කට වඩා විවාහ ජීවිතයක් ගත කරා. හැමෝම හිතුවා මේක තමයි සාර්ථකම ආදර කතාව කියලා. මොකද lori කියන්නෙත් ඉංජිනේරුවරියක්. Nvidia කතාව පිටිපස්සේ ඇයගේ ලොකු දායකත්වයක් තියනවා. ඒත් මේ ඔක්කොම කඩන් වැටුණේ දවස් කීපයකින්. Chinese spy කෙනෙක් වෙන්න පුළුවන් කියලා US authorities සැක කරන චීන කාන්තාවක් එක්ක හොර affair එකක් තිබුණා කියලා Jensen ට පිළිගන්න සිද්ධ උනා. ඒ ගැන පරීක්ෂණ කරගෙන යද්දී ආවා 2nd affair එකක් ගැන report එකක්, එයාට directly report කරන executive කෙනෙක් එක්ක. දැන් 3rd affair එකක් ගැනත් කතාවක් යනවා. පැය කිහිපයකින් NVIDIA එකේ market value එකෙන් $500 Billion විතර නැති වුණා. අන්තිමට ඊයේ CEO, President, Board Director තනතුරු තුනෙන්ම ඉල්ලා අස්වුණා. පිඟන් හෝදපු තැන ඉඳන් tech ලෝකේ රජ කරපු තැන දක්වා තිබුණු අවුරුදු 33ක දඩ legacy එක, කෙල්ලෙක් නිසා සතියකින් කඩන් වැටුණා... 🫠🥀 ✍ ~Thizha 𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬

Open in Telegram
Views4,440+20%vs avg
Forwards—
Reactions124
Comments—
#7681Link preview

​​මේ දවස් ටිකේ ඔයාලා වැඩිපුර සමනල්ලු ගැවසෙනවා දකින්න ඇති. මෙහෙමයි මේ සංසිද්ධිය හැම අවුරුද්දකම වුණත් මේ සැරේ සමනල්ලු ගහණය වැඩි වෙලා තියෙන හින්දා තමා අපිට මෙච්චර සමනල්ලු පේන්නේ.  මේකට කියන්නේ සමනල පර්යටනය කියලා. නැත්තම් ශ්‍රී ලංකාවේ ගැමි වහරේ හා ජනප්‍රවාදවල සඳහන් වන සමනල්ලු සිරිපා කරුණා කරන" සංසිද්ධිය තමා මේක .සමනල කන්ද ඇතුළු උස් කඳුකර ප්‍රදේශ වෙත සමනලුන් ආකර්ෂණය වීමට එක් හේතුවක් වන්නේ 'Hill-topping' කියන ස්වභාවික හැසිරීමයි. ඒකෙ දී වෙන්නේ උස් ස්ථාන වෙත රැස්වී සහකරුවන් සොයා ගැනීම සහ අභිජනන කටයුතුවල නිරත වෙන එකයි. කොහොම වුණත් මේ සමනල ගමන දිවයිනේ එකිනෙකට වෙනස් දිශා ඔස්සේ පුළුල් විදිහට විහිදිලා යනවා. මේ වගේ හිතකර පරිසර තත්ත්වයන් යටතේ සමනලුන්ගේ බෝවීම තවත් වැඩි වෙනවා. ඊට පස්සේ ආහාර සහ බිත්තර දැමීම සඳහා සුදුසු අවකාශයන් සොයා සමනල්ලු වෙනත් ප්‍රදේශ වෙත සංක්‍රමණය වෙන්න පටන් ගන්නවා. ජපන් පුරාවෘත්ත වල තියෙනවා සමනලුන් දෙදෙනෙකු එකට පියාසර කරනවා දැකීම කියන්නේ තමන්ට ආදරණීය සහකරුවෙක් හම්බෙන බව පෙර නිමිත්තක් කියලා . ජපානයේ මංගල උත්සවවලදී පවා සමනල රූප අලංකාර ලෙස යොදාගන්නේ මේ හින්දලු. 🫵 ඒහින්දා පියාඹන සමනලෙක් දිහා හරි බලලා ඉක්මනට ම සහකරුවෙක් හෝ සහකාරියක් පතන්න. #දැන්නම්සමනලයෙක්හරිකමක්නෑ 🖊 Janiru Ransith 𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🔬🧬

Open in Telegram
Views4,860+31%vs avg
Forwards—
Reactions141
Comments—
#7679Photo

තනිකඩයින්ට ෆින්ලන්තයෙන් නොමිලේ සංචාරයක්... සියලු වියදම් සහිතව යන්න ශ්‍රී ලාංකිකයින්ටත් සුපිරි අවස්ථාවක්.. 🌚❤️ ෆින්ලන්තයේ 🇫🇮 නිල සංචාරක මණ්ඩලය වන 'Visit Finland' විසින් ලොව පුරා සිටින තනිකඩ තරුණ තරුණියන් වෙනුවෙන් සියලුම වියදම් සහිත විශේෂ සංචාරක පියවරක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව, 'Finnish Dinner Date' ලෙස නම් කර ඇති මෙම ප්‍රචාරණ වැඩසටහන මගින් තේරී පත්වන පිරිසට ෆින්ලන්තයේ ආහාර සංස්කෘතිය විඳගැනීමට මෙන්ම තම ආදර සහකාරිය හෝ සහකාරයා සොයා ගැනීමට ද අවස්ථාව හිමිවනු ඇත.💋 ෆින්ලන්තයේ පදිංචිකරුවන් නොවන, වයස අවුරුදු 18 ට වැඩි ශ්‍රී ලාංකිකයන් ඇතුළු ලොව පුරා සිටින ඕනෑම තනිකඩ පුද්ගලයෙකුට මේ සඳහා අයදුම් කළ හැකියි. මේ සඳහා තේරී පත්වන අයට නොමිලේ ගුවන් ටිකට්පත්, නවාතැන්, ආහාර සහ විවිධ ක්‍රියාකාරකම් සඳහා වන සියලුම වියදම් හිමිවේ. 💰💖 Collane moko kynne? 😼 𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬

Open in Telegram
Views6,010+62%vs avg
Forwards—
Reactions192
Comments—
#7678Photo
Views6,910+86%vs avg
Forwards—
Reactions128
Comments—
#7675Text

ප්‍රංශයේ Gen Z විප්ලවය 🇫🇷 ප්‍රංශය කියන්නේ ඉතිහාසය පුරාම විප්ලව, මහජන අරගල වගේම සමාජීය පෙරළිවලට නමගිය රටක්. 1789 ප්‍රංශ විප්ලවයේ ඉදන් 1968 මාර්තු සිදුවීම් දක්වා හැම යුගයකම තරුණ පරපුර සමාජයේ වෙනසක් වෙනුවෙන් විරෝධතා කරන එක සමාජයේ වෙන්වුණු සංස්කෘතියක් හා සමාන දෙයක් වුණා. ඒත් මේ සැරේ gen z එකේ විරෝධතාව ඊට වඩා ගොඩක්ම වෙනස්‼️ පලවෙනි දේ තමා ප්‍රංශයේ අද ඉන්න Gen Z තරුණයින් සාම්ප්‍රදායික ප්‍රංශ දේශපාලන ක්‍රම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. ඒ කියන්නේ මධ්‍යම ප්‍රතිපත්තියක් තවදුරටත් ඕනි නෑ කියන මතෙන් ඉන්න එක. කොහොමත් මැක්‍රොන් රජයේ ප්‍රතිපත්තිවලට එරෙහිව නැගී ඉන්න පිරිසට තෝරගන්න තියෙන්නේ රැඩිකල් වාමාවාදි මතවාදයන් හරි, අන්ත දක්ෂිණාංශික මතවාද හරි තමා... ලංකාවේ තිබ්බ අරගලය වගේම තමා මේකෙත් බලාපොරොත්තු වෙන්නේ system change එකක්. ලංකාවේ නම් එහෙම දෙයක් උනේනෑ හැබැයි😪 අනික මේ විරෝධතා පාලනය කරගන්න බැරි වෙන්න ලොකුම හේතුව උනේ social media.තමන්ගේ මතවාදයන් ගොඩනැගෙන්නේ memes, viral videos සහ කෙටි පණිවිඩ හරහා. ඒවා රජයේ ප්‍රධාන මාධ්‍ය ධාරාවලට පාලනය කළ නොහැකි තරම් වේගවත්. ඕවාට ඇඟිලි ගැහුවත් තවදුරටත් පාලනය මිදෙන බව එයාලත් දන්නවා. අනික ප්‍රංශ Gen Z පරපුර දැඩි ලෙස දෝෂාරෝපණය කරන්නේ රජයන් විසින් පරිසරය ආරක්ෂා කිරීමට ගෙන යන ක්‍රියාමාර්ග ප්‍රමාණවත් නැහැයි කියලා. "පෘථිවිය විනාශ කරන ආර්ථික ක්‍රමයක් අපට අවශ්‍ය නැත" යන තේමාවත් මේ විරෝධතාවල උඩින්ම ඇහෙන දෙයක්.🌿 අනික ප්‍රංශයේ උද්ධමනය, ඉහළ යන නිවාස කුලී වගේම රැකියා වෙළඳපොළේ ඇති තරඟකාරීත්වය නිසා Gen Z තරුණයින් දැඩි ආර්ථික පීඩනයකට මුහුණ දී සිටිනවා. මොකද රජයෙන් ඒ අයට හම්බෙන සහයෝගය හොඳටම මදි. අනික පැරණි පරපුර වගේ ජීවිත කාලය පුරාම එකම ආයතනයක වැඩ කිරීමේ "9 සිට 5 දක්වා" සංස්කෘතිය මොවුන් ප්‍රතික්ෂේප කරනවා. අඩුම ස්කෝලේ ඉවර වෙලා sport එකක් එහෙම කරනවා නම් මුළු දවසම ස්කෝලේ ඉන්න වෙනවා. ඉතින් මානසික සෞඛ්‍යයට මුල්තැන දීම, දුරස්ථව වැඩ කිරීමේ පහසුකම් වගේම ජීවිතය හා රැකියාව අතර නිසි සමබරතාවක් ඉල්ලා සිටීම සාධාරණ යි. මෙතැන තියෙන ලොකුම ප්‍රශ්නයක් තමා මුස්ලිම් ආධිපත්‍යය ගැන. ප්‍රංශයේ අන්ත දක්ෂිනාංශික දේශපාලන පක්ෂ ඔය Marine Le Pen ගේ පක්ෂය එහෙම නිරන්තරයෙන් මතු කරන ප්‍රධාන තර්කය තමා ඉදිරි දශක කිහිපය ඇතුළේ ප්‍රංශයේ මූලික සංස්කෘතිය සහ ක්‍රිස්තියානි පසුබිම යටපත් වී ඉස්ලාමීය සංස්කෘතියේ ආධිපත්‍යයක් ඇති වෙන්න පුලුවන් කියලා. ප්‍රංශයේ යුරෝපයේ විශාලතම මුස්ලිම් ජනගහනයක් ජීවත් වෙනවා. ඔවුන් රටේ මුළු ජනගහනයෙන් ආසන්න වශයෙන් 9% ක වගේ ප්‍රමාණයක් ඒ කියන්නේ මිලියන 6ත් 7 ත් අතර ප්‍රමාණයක් නියෝජනය කරනවා. වැඩියෙන්ම ඉන්නෙත් පැරිස්වල ඒ මුස්ලිම් ජනගහනයෙනුත් බහුතරයක් මොරොක්කෝව, ඇල්ජීරියාව ටියුනීසියාව වගේ උතුරු අප්‍රිකානු රටවලින් පැමිණි සංක්‍රමණිකයන්ගේ දෙවන සහ තුන්වන පරම්පරාවල අය වෙනවා. ඒත් ඒ අය ප්‍රංශ පුරවැසියන් වෙලා ඉවරයි. ප්‍රංශ පුරවැසියන් වුණාට වැඩක් නැහැ ඔවුන්ගේ පාට වෙනස් නම්. ඒහින්දා ඒ වගේ තරුණයින්ට සමාජයේ නිසි පිළිගැනීමක් හෝ සමාන අවස්ථා නොලැබීම නිසා ඔවුන් අතර තියෙන කලකිරීමත්  රැඩිකල්කරණයට පත් වෙලා මේ විරෝධතාවෙන් මතු වෙලා පේනවා. වැඩේ කියන්නේ ඔය ප්‍රංශයේ බහුතරයා දැඩි ලෙස ලෞකික ප්‍රතිපත්ති අනුගමනය කරන පිරිසක්. රාජ්‍ය ආයතන තුළ හරි පාසල්වල කිසිදු ආගමික සංකේතයක් ප්‍රදර්ශනය කරන එකටත් තහංචි වැටිලා තියෙන වෙලේ මුස්ලිම් ප්‍රජාව සංස්කෘතික කටයුතු වගේම ආගමික පිළිවෙත් ප්‍රසිද්ධයෙන් කරන එකත් එක්ක ප්‍රංශකාරයො අතරෙත් ප්‍රශ්න තියෙනවා. විරෝධතාවලදී ත් genz එක එයාලාට ආවේණික දේවල් කරද්දී තවත් පිරිසක් පාරේ තියෙන කඩවල් කඩලා හොරකම් කරන්නේ. සමහරු කියන්නේ ඒ මුස්ලිම් අය කියලා. සමහරු කියන්නේ කඩාකප්පල්කාරි අය කියලා. ඒවුනාට මේකේ තාම highlight වෙන්නේ gen z එක. ඒහින්දා අර වැඩ පිටිපස්සෙන් වුණත් ඒක පේනවා අඩුයි. අනික 1960 ගණන්වල ප්‍රංශයෙන් අප්‍රිකානු රටවලට නිදහස ලැබුණත්, ප්‍රංශය සැබෑ ලෙසම අප්‍රිකාවෙන් අයින් වුණේත් නැහැනේ. "Françafrique" කියලා හඳුන්වන සංකල්පය හරහා නිදහසින් පසුවත් ප්‍රංශය අප්‍රිකාව පාලනය කරනවා. ප්‍රංශයේ හිටපු යටත් විජිත රටවල් 14ක මුදල් ඒකක පාලනය කළේ ප්‍රංශ මහ බැංකුව මගින්. එම රටවල විදේශ සංචිතවලින් විශාල ප්‍රතිශතයක් ප්‍රංශ බැංකුවේ තබා ගැනීමත් සිදු වුණා. ප්‍රංශයට හිතවත් නැති හරි ප්‍රංශයේ මතයට එකඟ වෙන්නේ නැති අප්‍රිකානු නායකයින්ව කුමන්ත්‍රණ හරහා බලයෙන් පහ කරා. සමහරු ඝාතනය කිරීමට ප්‍රංශ හමුදාවන් මැදිහත් වුණා. දැන් ඒවාවල විපාකත් එක්කම ප්‍රංශ හමුදාවටයි ප්‍රංශ ආධිපත්‍යයට එරෙහිව නැගී හිටියොත් එහෙම ප්‍රංශයක් කියලා දෙයක් ඉතුරු වෙන්නේ නැති සයිස් එකක් තියෙන්නේ. 😂ඒ අස්සේ යකෝ අපේ රටේ අන්තරේ එවුන් ප්‍රංශ සිසුන් වෙනුවෙන් පෙරට එනවලු. වැඩක් බලාගෙන නිදියගනිම් යකෝ ! 🫵 හෑල්ල දිග වැඩි ද මන්දා අදට ඇති එහෙනම්. 🖊 Janiru Ransith 𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬

Open in Telegram
Views7,510+103%vs avg
Forwards—
Reactions120
Comments—
#7673Video
Views5,710+54%vs avg
Forwards—
Reactions237
Comments—
#7670Photo

පොල්කටු කුඩුකරන යන්ත්‍රයකට අසුවූ මිනිස් අතක X-Ray ඡායාරූපයක්! එදිනෙදා සාමාන්‍ය පරිදි රාජකාරි කරමින් සිටි 37 හැවිරිදි පුද්ගලයෙකුගේ මුළු ජීවිතයම එක නිමේෂයකින් වෙනස් වී ගියේය.👀 වියට්නාමයේ සිදුවූ මෙම ශෝකජනක සිදුවීමේදී, පොල් කටු කුඩු කරන විශාල යන්ත්‍රයකට අදාළ පුද්ගලයාගේ වම් අත හසුවී තිබේ. 😖 රෝහල් හදිසි අනතුරු අංශය වෙත ඇතුළත් කිරීමෙන් පසු ලබාගත් X-Ray පටයෙන් පෙන්නුම් කළේ අතෙහි අස්ථි කුඩා කොටස් දුසිම් ගණනකට කුඩු වී ගොස් ඇති අයුරුයි. එමෙන්ම අතෙහි මාංශ පේශි සහ පටක දරුණු ලෙස තැලී පොඩි වී තිබුණි.😶‍🌫️ යන්ත්‍රයේ තිබූ දූවිලි, තෙල් සහ අපද්‍රව්‍ය තුවාලයේ මස් සහ රුධිරය සමඟ මිශ්‍ර වී, තුවාලය දැඩි ලෙස අපවිත්‍ර වී ආසාදනය වී තිබුණි. රෝගියාගේ ජීවිතය බේරා ගැනීම සඳහා වෛද්‍යවරුන්ට ඉතිරිව තිබූ එකම විකල්පය වූයේ අත වැලමිට ආසන්නයෙන් කපා ඉවත් කිරීම පමණි.💔 කාර්මික සහ අනෙක් සියලුම ක්ෂේත්‍රයන්හි වැඩකරන හැමදෙනාම, නිසි ආරක්ෂිත පියවරයන් අනුගමනය කරමින් කල්පනාකාරීව වැඩ කිරීමට හොඳින් සිහි තබාගත යුතුය. 😔🤍 𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬

Open in Telegram
Views7,570+104%vs avg
Forwards—
Reactions256
Comments—
#7669Photo
Views7,370+99%vs avg
Forwards—
Reactions147
Comments—
#7668Photo
Views6,760+82%vs avg
Forwards—
Reactions197
Comments—
#7667Photo
Views6,580+77%vs avg
Forwards—
Reactions493
Comments—
#7663Photo
Views9,470+155%vs avg
Forwards—
Reactions170
Comments—
#7662Photo
Views9,060+144%vs avg
Forwards—
Reactions156
Comments—
#7661Photo

"තමන්ගේ තාත්තව මේ තත්වෙට පත් කරන පුතෙක්, තමන්ගේ පුතාව ඒ තත්වෙට පත් කරපු තාත්තා කෙනෙක්..." මේක තරම් ලංකාවේ Political Tragedy උන දේශපාලන චරිතයක් නෑ. මොන වැරදි කලත්, මේ රටේ මිනිස්සුන්ට මහින්ද යුද්ධය ඉවර කරන්න දුන්න නායකත්වයට, මගපෙන්වීමට කෘතවේදිත්වයක් තියෙනවා. ඒක මැරෙනකම්ම තියෙනවා. ඒත් ඒක ආයේ කවදාවත් ඡන්ද බවට පත්වෙලා බලයට එන්න හේතු වෙන්නේ නෑ. ඒ කෘතවේදීත්වය ඕනාවටත් වඩා මිනිස්සු මහින්දට දැක්වුවා. මහින්ද ඇතුලු පවුල ඒකට දුන්න return එක අමුතුවෙන් කියන්න දෙයක් නෑ. කොහොම උනත් කෘතවේදීකම තියෙන මනුස්සයෙක් විදිහට මේ මනුස්සයට දැන් මේ අත්වෙලා තියෙන ඉරණම ගැන ඇත්තටම දුකයි🙂💔 රැස්වීමට වාහනෙන් ඇවිල්ලා හෙන ජවයකින් අඩියට දෙකට ස්ටේජ් එකට නැගලා, මිනිස්සුන්ට අත වනලා ස්ටේජ් දෙදරන්න කතා කරපු, කිසි කෙනෙක්ට නොතිබ්බ පෞර්ෂයක් තිබ්බ මහින්ද රාජපක්ෂ කියන image එක මේ විදිහට විනාස කරන එක දේශපාලනිකව ඒ පක්ෂෙට වගේම රටටත් අපරාධයක්. 𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬

Open in Telegram
Views9,890+167%vs avg
Forwards—
Reactions311
Comments—