Account

Posts of අනන්තය | Ananthaya 🖋️🍃

newest first

#29587Text

"හැමෝම අහනවා. 'Marry කරන්න කාලේ හරි නේද? ඉතිං Marry කරන්නේ නැද්ද..'" "අවංකව කිව්වොත්, ඇත්තම මම කවුද කියලා දන්න කවුරුත් නෑ මේ ලෝකේ, මිනිස්සු එක්ක ජීවත් උනාට, මගේ ලෝකේ ඇතුලේ මම සම්පූර්ණයෙන්ම තනිවෙලා.." "මම හිතන්නේ කොහොමද, මම ලෝකේ දිහා බලන්නේ කොහොමද, මේ ජීවිතේ මගේ flow එක මොන වගේද, මගේ weaknesses මොනවද? මගේ හදවත සතුටු වෙන්නේ කොහොමද? මගේ හදවතට දුක දැනෙන්නේ කොහොමද? කියලා දන්න කෙනෙක්වත්, එහෙම දැනගන්න උවමනාවක් තියෙන කෙනෙක්වත්, මට තාම හම්බෙලා නෑ.." "ජීවිතේ භාගයක්ම මම ජීවත් උනේ, මගේ ලෝකේ ඇතුලේ තනියම, වටපිටාවේ මිනිස්සු පිරිලා ඇති, ඒත් ඇතුලෙන් මම හිස් මනුස්සයෙක්.." "මට ඕනේ මගේ ජීවිතේ ඉතුරු කාලේ, මගේ ආත්මයේ හැම අංශු මාත්‍රයම බෙදා ගන්න කෙනෙක්, මාව මං විදියටම තේරුම් ගන්න කෙනෙක්, එයාගේ ආත්මයම මාත් එක්ක බෙදාගන්න කෙනෙක්, එක්ක ජීවත් වෙන්න.." "Financially Stable, හොද පෙනුමක් තියෙන, මගේ හැමදේටම උදව් කරන්න පුලුවං කෙනෙක්ව, Marry කරන්න පුලුවං, ඒත් ඒ කෙනාට මගේ ජීවිතේ ගලායාම, තේරුම් ගන්නේ නැත්තම්, Marraige life එකෙත් මං මගේ ලෝකේ තනිවෙනවා.." "මිනිස්සු Marry කරනවා ඇති, මට වැඩක් නෑ, මගේ ඇතුලේ ඉන්නවා, පොඩි ලමයෙක් වගේ හුරතල් වෙන්න කැමති කෙනෙක්, පොඩ්ඩක් wild වෙන්න කැමති කෙනෙක්, කිසි කතාවක් නැතුව ඔහේ ඉනන හිතෙන කෙනෙක්, ජීවිතේ ගැන දකින විදිය ගැබුරින් කතා කරන්න කැමති කෙනෙක්.." "ඒ හැම කෙනාම දැන් ඉන්නේ මාත් එක්ක තනිවෙලා, ජීවිතේ ඉතුරු කාලේවත් මට ඕනේ, ඒ හැම කෙනාම නිදහස් කරලා, මාව නිදහස් කරන්න.."🤍🌿 -Ceylon journal

Open in Telegram
Views95−56%vs avg
Forwards—
Reactions3
Comments—
#29585Photo
Views213−2%vs avg
Forwards—
Reactions5
Comments—
#29583Photo
Views350+61%vs avg
Forwards—
Reactions9
Comments—
#29582Photo
Views324+49%vs avg
Forwards—
Reactions12
Comments—
#29580Photo
Views385+77%vs avg
Forwards—
Reactions3
Comments—
#29578Text

“අපි ජීවත් වෙන්නේ හරි පුංචි කාලයක්. සමහර දේවල් අවශ්‍යම වෙලාවේ කරන්න බැරි වුණාම, පස්සේ මුළු ජීවිත කාලෙම පසුතැවෙන්න වෙනවා...” “මට තේරෙන්නේ නෑ හලෝ, මම කොහොමද ආයෙත් සැරයක් එයා ළඟට ගිහින් කතා කරන්නේ කියලවත්. අනික, මම එයාව මගේ මුළු අනාගත සැලසුම්වලින්ම අයින් කරලයි තිබුණේ...” “ජීවිතේ අපි කොච්චර සැලසුම් හැදුවත්, දෛවය ඒ හැමදේම වෙනස් කරනවා. සමහර වෙලාවට අපි අපේ සැලසුම්වලින් මිනිස්සුන්ව අයින් කරනවා... ඒත් දෛවය අපේ සැලසුම්වලින් අපිවම අයින් කරන්න කලින්, ජීවිතේ අපිට දෙන අවස්ථාවල වටිනාකම තේරුම් ගන්න ඕනේ. ඒ නිසා හැමදේම වෙන්නේ හොඳට කියලා හිතන්න... සමහරවිට අපිට අහිමි වුණා කියලා හිතන දේවල්ම, ජීවිතේ අපිට ආයෙත් ලැබෙන්න තියෙන ලස්සනම අවස්ථා වෙන්න පුළුවන්...” ❤️‍🩹 සමහර කතා අවසන් වෙන්නේ ආදරය නැති නිසා නෙවෙයි. ඒ ආදරයත් එක්ක ජීවත් වෙන්න දන්නේ කොහොමද කියලා දෙන්නම නොදන්න නිසා. 💔 #අසංධිමිත Shalani Tharaka ITN Sri Lanka

Open in Telegram
Views373+71%vs avg
Forwards—
Reactions2
Comments—
#29575Photo
Views566+160%vs avg
Forwards—
Reactions9
Comments—
#29574Photo

ඒ සම්බන්ධතාවයේ අවසානයේ එයා මගෙන් ඇහුවා, “ඔයා මම වෙනුවෙන් මොනවද කරේ?” කියලා. ඒ වෙලාවේ මම මුකුත්ම කිව්වේ නැහැ. සිනහවකින් පිළිතුරක් දීලා එතනින් අයින් වෙලා ගියා. ඒත් මගේ හිත ඇතුළේ තිබුණේ වෙනම ප්‍රශ්නයක්… “මම ඔයා වෙනුවෙන් මොනවද නොකරේ?” සමහරවිට එයා දන්නේ නැතුව ඇති, එයා වෙනුවෙන් මම කොච්චර කැපකිරීම් කරාද කියලා. ඒවා හැමෝටම පෙනෙන දේවල් නොවුණාට, එයාට මාව අවශ්‍ය වුණු හැම තැනකම මම හිටියා. මට එයා වෙනුවෙන් කරන්න පුළුවන් උපරිමය, මම පුළුවන් තරම් නොවෙයි… මට පුළුවන් උපරිමයෙන්ම කරා. ඒ නිසා එදා මම නිහඬව හිටියේ, මට පිළිතුරක් තිබුණේ නැති නිසා නෙවෙයි… මගේ හිත ඇතුළේ තිබුණු එකම පිළිතුර, “ඔයා මම වෙනුවෙන් මොනවද කරේ?” නෙවෙයි… “මම ඔයා වෙනුවෙන් මොනවද නොකරේ?” කියන එකයි.

Open in Telegram
Views531+144%vs avg
Forwards—
Reactions10
Comments—
#29573Photo
Views587+170%vs avg
Forwards—
Reactions8
Comments—
#29572Photo
Views490+125%vs avg
Forwards—
Reactions5
Comments—
#29571Photo
Views476+119%vs avg
Forwards—
Reactions9
Comments—
#29569Photo
Views505+132%vs avg
Forwards—
Reactions8
Comments—